අත්වැඩට ආ අල්ලපු ගෙදර තරුණයාට නිවස් හිමිකරු කල අපරාධය - බොරු සාක්ෂි දුන් අයටත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

අත්වැඩට ආ අල්ලපු ගෙදර තරුණයාට නිවස් හිමිකරු කල අපරාධය - බොරු සාක්ෂි දුන් අයටත් වැඩ වරදී

අත්වැඩට ආ අල්ලපු ගෙදර තරුණයාට නිවස් හිමිකරු කල අපරාධය - බොරු සාක්ෂි දුන් අයටත් වැඩ වරදී

නිවසේ අත්වැඩට පැමිණි අල්ලපු ගෙදර තරුණයාට නිවසේ හිමිකරු විසින් උදැල්ලෙන් ඔළුවට ගසා බරපතළ තුවාල සිදුකර පලංචියෙන් වැටී උදැල්ල ඔලුවෙ වැදී තුවාල සිදු වූ බවට පොලිසියට මුසාබස් පැවසු පුද්ලයින් 8 දෙනකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

බෙරලිහෙල සද්ධාතිස්සපුර ප්‍රදේශයේ 24 හැවිරිදි යම් සපුගේ සනෙල් සාමෙන්ද්‍ර නමැති තරුණයකුට මෙලෙස තුවාල සිදුව ඇති අතර ඔහුගේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ බරපතළ තුවාල හේතුවෙන්මාළේ කොටසක් අක්‍රීයව පෙබරවාරි පළමුවෙනිදා සිට අද දක්වා මාසයක් තිස්සේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

පෙබරවාරි පළවෙනි දින පලංචියෙන් වැටී තුවාල සිදුවූ බව මෙම තරුණයාගේ මවට නිවසේ හිමිකරු පැවසුවද මව විසින් මෙම සිද්ධිය සැක සහිත බවට තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබිණි.

 

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් සෝදිසි කිරීමේ දී පලිංචි ඉවත් කර ලේ පැල්ලම් පවා මකා දැමීමට සැකකරුවන් කටයුතු කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

 

එම සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේ දී බහින්බස්වීමක් හේතුවෙන් නිවසේ හිමිකරු උදැල්ලෙන් පහරදුන් බව එම නිවසේ හිමිකරු පොලිසියට පාපොච්චාරණය කරති.

 

පහරදුන් පුද්ගලයා කතරගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකි.

views

330 Views

Comments

arrow-up