“බුදු අම්මෝ කනවෝ, කනවෝ” - මිතුරන්ට නවතන්න බැරිවූ පිං අඩි කාරයාව පත්තෑයා නැවැත්වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

“බුදු අම්මෝ කනවෝ, කනවෝ” - මිතුරන්ට නවතන්න බැරිවූ පිං අඩි කාරයාව පත්තෑයා නැවැත්වූ හැටි

“බුදු අම්මෝ කනවෝ, කනවෝ” - මිතුරන්ට නවතන්න බැරිවූ පිං අඩි කාරයාව පත්තෑයා නැවැත්වූ හැටි

මිතුරන්ට නවතාගන්නට බැරිව සිටි පින් අඩිකාරයා පුංචි පත්තෑයෙකු විසින් නතර කරනු ලැබීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

 

ඔහු අංක එකේ පින් අඩිකාරයෙකි. මිතුරන් ඉතා අමාරුවෙන් එකතුවී අඩියක් පුඩියක් ගසනාවිට දී ඔහු එයට සම්බන්ධ වන්නේ එකදු රුපියලක්වත් වැය නොකර පිනටය. 


එහිදී ඔහු අමු අමුවේම දමා ගන්නේ වීදුරුව පිරෙන සේය. 

 

මිතුරන් ආරාධනා කළත් නොකළත් බෝතලයෙන් භාගයකටම ඔහු වගකියයි. 


මිතුරන් එකතුවන විට සෑම විටදීම එයට දායක වන ලෙස ඔහුගෙන් ඉල්ලීම් කළත් කලිසම් සාක්කුවෙන් හිස් මුදල් පසුම්බිය ගෙන පෙන්වන්නේ “එම්ටි පොකැට්” යයි කියමිනි. 


ඔහුගේ මේ ක්‍රියාව මිතුරන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථාවද නැත්තේ ද නොවේ. 


මිතුරන් ඔහු මගහැර සෙට්වුණු වාර ද තිබුණි. 


කෙසේ කොහොම කළත් ඔහු එයට සම්බන්ධ වන්නේ ඉවෙන් මෙනි. රහස් පරීක්ෂකයකු ලෙස හොර රහසේමය. සීරුමාරුවටය.


එදාත් මිතුරන් ඇති තැනට ඔහු එක්වූයේ අනේ මචෝ අදත් එම්ටි පොකැට් යයි කියමිනි. බිම වාඩිවී සිටි ඔවුන්ගෙන් අපේ කතානායකයා දනිපනිගා නැගිට්ටේය. “බුදු අම්මෝ කලිසම් සාක්කුවට පැත්තෑයකු ගිහිල්ලද කොහේ, කනවෝ...” කියමින් කලිසම් සාක්කුව එළියට දමමින් කෑගැසුවේය.


ඒත් සමඟ එළියට දැමූ කලිසම් සාක්කුවෙන් මොනරු කොළ පැන්නේය. එකක් දෙකක් නොව කිහිපයක්මය. මෙය දුටු මිතුරන්ට මළ පැන්නේය. “යකඩෝ හැමදාම මූ අපෙන් පින් අඩි ගහන්නේ සල්ලි තියාගෙන නේ...” කියමින් පත්තෑ විෂෙන් උඩ පැන පැන සිටි ඔහුට මිතුරෝ දෙස් දෙවොල් තැබූහ. 


අත පය කෙළින් කරගෙන ඔහුට සලකන්නට ගිය අය කිහිප දෙනෙක්ද මේ අතර වූහ. දැන්නම් මෙහි රැඳී සිටීම සිතට ගතට කොහෙත්ම හොඳ නැතැයි සිතූ ඔහු එතනින් මාරුවී ගියේය.

views

628 Views

Comments

arrow-up