“මට මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි නිසයි, මං ජීවත් වෙන්නෙ දවස් 3යි කියලා දොස්තරලා කියලා” - මරුට අභියෝග කල කෙල්ල

ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා යනවා. ඒක හැටියක්. ඒත් ඒ අතරිනුත් ජීවිතේ නොහිතපු විදිහට වෙනස්කම් වලට ලක්වෙනවා. සමහර මිනිස්සු සැබෑ ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස්. ඒත් ඒ මිනිස්සුත් හදවතින්ම අපි වගේ. ඇය නමින් රෝසි උඩුමුල්ල. මේ තියෙන්නෙ ඇගේ කතාව.
“මට ඇත්තටම මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා, මගේ මුහුණේ ගොඩක් වෙනස්කම් තිබුණා, ඇස් වැහිලා, තොල් පැලිලා කට අරින්නවත් බැහැ.
ඒ වගේම තව අසනීප ගොඩක් එක්ක තමයි මම ඉපදුණේ. දොස්තරලා මාව ජීවත් කරවන්න බැහැ කිව්ව නිසා, අම්මා මාව ගෙදර ගෙනත් තියෙනවා, දොස්තරලා කියලා තියෙනවා මාව දවස් තුනයි ජීවත් කරවන්න පුළුවන් කියලා”
“ගෙදර ආපු ගමන් ගමන් අම්මා මාව ගේ ඇතුළෙන් තියලා හයියෙන් දොර වහලා තියෙනවා. එතකොට මම එක සැරේම ගැස්සිලා තිබුණා. ඒකෙන් අම්මා දැනගෙන තියෙනවා මට කන් ඇහෙනවා කියලා. ඊට පස්සේ අම්මා අඬ අඬ මගේ ඇඟ මට උපරිම රිදෙන්න හයියෙන් කොනිත්තලා තියෙනවා. එතකොට මම අඬන්න උත්සහ කරලා තියෙනවා.” “ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා මගේ උගුරේ උඩ අතට තියෙන අසාමාන්‍ය පටලයක්.
මට කතා කරන්න අපහසු වෙන්නේ ඒක නිසයි කියලා අම්මා නිගමනය කරලා තියෙනවා. ඊට පස්සේ දොස්තරට කතා කරලා මේ ගැන කියලා.” “පස්සෙ අම්මේ මේ බබාව ජීවත් කරවන්න පුලුවන් කියල ඩොක්ටර් කියලා. පස්සෙ මගේ ඔපරේශන් එක කරලා තියනවා. සෑහෙන්න ඔපරේශන් කළා’ මුල් කාලේ ඉතින් සමාජයෙන් සෑහෙන්න වෙනස්කම් තිබ්බා.”
349 Views
Comments