“මට වගේ ඔයාලටත් වෙන්න එපා”‍ - දියේ ගිලී මිය ගිය සිසුවා සියල්ලන්ට දුන් පණිවිඩය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

“මට වගේ ඔයාලටත් වෙන්න එපා”‍ - දියේ ගිලී මිය ගිය සිසුවා සියල්ලන්ට දුන් පණිවිඩය

“මට වගේ ඔයාලටත් වෙන්න එපා”‍ - දියේ ගිලී මිය ගිය සිසුවා සියල්ලන්ට දුන් පණිවිඩය

පසුගියදා මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ සිසුන් තිදෙනාගෙන් එක අයෙක් වූ ධනුෂ් තත්සර සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සම වයසේ මිතුරන් හට ඉතා නිර්මාණශීලී අත් පත්‍රිකාවක් බෙදා දී තිබෙනවා.


ඒ නිසලව සිටින තම පුතාගෙන් ලබාදෙන පණිවුඩයක් ආකාරයටයි.


එය සමාජ මාධ්‍ය තුල පලවී තිබුනේ මෙලෙසින්.


එම සටහන පහතින්.


නිසලව සිටි ධනුෂ්ගෙන් යාළුවන්ට පණිවුඩයක්


පසුගිය 17 වෙනිදා මාතර කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ කරන සිසුන් තුන් දෙනෙක් මාතර වැල්ලමඩම මුහුදෙ නාන්න ගිහින් අතුරුදහන් වෙනවා. 18 වෙනිදා එයින් දෙදෙනෙකුගෙ සිරුරු වෙරළට ගොඩ ගහනවා. අනිත් දරුවගෙ සිරුර තවමත් නෑ මේ තුන්දෙනාම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථ ගනිපු සිසුන්. නමුත් අවාසනාවකට ඔවුන් ගත්ත එක් තීරණයකින් සියල්ල වෙනස් වෙනවා. මෙයින් ධනුෂ් තත්සර සිසුවාගෙ ද මවුපියන් තමන්ගෙ පුතාගෙ නිසල දේහයට අවසන් භුහුමන් දක්වන්න පැමිණි සම වයසේ යහළුවන්ට ඉතා නිර්මාණශීලී අත් පත්‍රිකාවක් බෙදා හැරියා. ඒ නිසලව සිටින තම පුතාගෙන් ලබාදෙන පණිවුඩයක් විදියට. එය ජාතික පුවත් පතක පවා ප්‍රවෘත්තික් ලෙස පළවෙලා තිබුනා. සමාජයට පණිවුඩයක් දුන් ඒ දෙමවුපියන්ගෙ අදහස තවත් ජීවිත බේරගන්න හේතුවක් වේවි.

 

views

300 Views

Comments

arrow-up