“පොඩි උන්ට ළං නොවන්නේමත් උන්ගේ වෙන්වීම, වේදනාව මට දරාගන්න බැරි නිසයි. ඒත් දුර ඉඳන් වුනත් උඹ...” - බුකියම කම්පා කරවූ යෙනුලගේ වියෝව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

“පොඩි උන්ට ළං නොවන්නේමත් උන්ගේ වෙන්වීම, වේදනාව මට දරාගන්න බැරි නිසයි. ඒත් දුර ඉඳන් වුනත් උඹ...” - බුකියම කම්පා කරවූ යෙනුලගේ වියෝව (PHOTOS)

“පොඩි උන්ට ළං නොවන්නේමත් උන්ගේ වෙන්වීම, වේදනාව මට දරාගන්න බැරි නිසයි. ඒත් දුර ඉඳන් වුනත් උඹ...” - බුකියම කම්පා කරවූ යෙනුලගේ වියෝව (PHOTOS)

පිළිකා රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි සිසුවෙකු එක්සත් ජනපදයේ දී හදිසියේ ම මිය ගිය පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

 

නමින් යෙනුල හේන්නායක වන මෙම අතිදක්ෂ දරුවාට 2021 වසරේ දී ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර, එම ශල්‍යකර්මයෙන් පිළිකාව සාර්ථකව ඉවත් කොට තිබුණා.

 

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස නැවත වතාවක් ඔහු පසුබෑමට ලක්ව තිබෙනවා.

 

පෙනහළු ද්විත්වයට ම පිළිකාව පැතිර ගොස් ඇති අතර, හදිසියේ ම ඔහු ජීවිතය හැර ගොස් ඇති බවයි සමාජ මාධ්‍ය තුළ තොරතුරු වාර්තා කරන්නෙ.

 

වයස අවුරුදු 6ක් පමණ වූ යෙනුලගේ හදිසි වියෝවෙන් බොහෝ දෙනෙක් කම්පාවට පත්ව ඇති අතර, ඔහු ගැන මුහුණු පොතේ පළවූ සංවේදී සටහන් කිහිපයකි මේ..

 

මං පොඩි උන්ට ළං නොවන්නේමත් උන්ගේ වෙන්වීම, වේදනාව මට දරාගන්න බැරි නිසයි. ඒත් දුර ඉඳන්
වුනත් උඹ මාව විනාස කරන්න පුළුවන් තරමට ළංවෙලා හිටියා.


අවුරුදු තුනක් වයසෙදි උඹ කවිපොත් ලියද්දි මං පුදුමයෙන් බලන් හිටියා. උඹ හදන චිත්‍රපටිවල රූප රාමු
ගලප ගලප කියද්දි ඒ පරිකල්පන ඇතුලෙ මගේ නාකිබව, සීමිත බව මං දැක්කා.


කවදා හරි උඹ නිර්මාණකරුවෙක් වෙනකල් මං ඉවසිල්ලෙන් හිටියා. උඹට ඕනතරම් කල් තියෙනවා කියලා
මං ආසාවෙන් හිටියා. උඹට කියන්න ගොඩක් දේවල් මට ඉතුරු වෙලා තිබුණ.


උඹ අසනීපෙන් කියල කිව්වත් කිසි දවසක උඹ යන්න යයි කියල මට හිතුනෙ නෑ. උඹට කරන්න ගොඩක් දේවල්
තිබුන හින්ද. අන්තිම බලාපොරොත්තුවේ කෙලවරේදිත් මං ප්‍රාතිහාර්යය විශ්වාස කළා. ඒ ප්‍රාතිහාර්යය
කියන්නෙම මරණයත් එක්ක පුංචි උඹ කරපු ගනුදෙනුව කියල මං විශ්වාස කලේ නෑ.


තාමත් ආපහු ඇස් අරියි කියල මගේ ඇතුලතින් දැනෙන විශ්වාසය මට උඹ ගිය බව පිළිගන්න බැරි කරනවා.

ලස්සන දේවල් හරි කෙටියි. අසිරිමත් දේවල් පවතින්නෙ තත්පර ගානයි.


උඹ ජීවිතේට අසීමිතව ආදරේ කළ බව මං දන්නවා. මරණය උඹට අකැප බව මං දන්නවා. ඒත්
වළාකුල්වල ජීවත් වෙන දේවදූතයන්ට මේ පොලොව නපුරු වැඩි බව මං දැන් දන්නවා.


ම‍ගේ ජීවිතේ මට දකින්න වුනු වේදනාත්මකම මරණය ළග මං නතර වෙලා ඉන්නවා. මරණයෙන් අවසන්
නොවෙන සුවිසල් ජීවිතයක් අදහන මං ඒ මිටියාවතේදී උඹව ආපහු මුනගැහෙනවා.


අපිට තියෙනවා අසම්පූර්ණ කවියක් සම්පූර්ණ කරන්න. ආර්ය, මං එනකං ඉන්න.

 

 

 

 

 


 

views

370 Views

Comments

arrow-up