මඟුල් ගෙදර ගිහින් හොඳහැටි සූර්වූ පොලිස් සැරයන් කැබ් එකෙන් ගස් නැගලා

ඊයේ (2 ) අලුයම 2.00ට පමණ ගලෙන්බිඳුණුවැව කැකිරාව බී. 133 මාර්ගයේ යකල්ල, මෙගොඩවැව 16 කණුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබේ.
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සිට හබරණ බලා ධාවනය වූ කැබ් රථයක් ගලෙන්බිඳුණුවැව, යකල්ල, මෙගොඩවැව 16 කණුව ප්‍රදේශයේ දී රියැදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ හැලඹ ගසක වැදී කුඹුරු යායට පෙරළී තිබේ. එහිදී ගස දෙකට කැඩී ගොස් තිබිණි.
එම අවස්ථාවේ කැබ් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර ඔහු බීමත්ව සිට ඇත. අනතුරින් පසු කැබ් රථයට දැඩි ලෙස අලාබහානි සිදු වී තිබිණි.
කැබ් රථය පැදවු රියදුරුට කිසිදු හානියක් සිදුවී නොතිබිණි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා ගමන් කරමින් සිටි අයෙකි.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ හබරණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.
282 Views
Comments