උපකාරක පන්තියට ගොස් එමින් සිටි බාලවයස්කාර දැරිය අපයෝජනය කළ කුඩ්ඩෝ පෙරෙට්ටුවේදී හඳුනාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

උපකාරක පන්තියට ගොස් එමින් සිටි බාලවයස්කාර දැරිය අපයෝජනය කළ කුඩ්ඩෝ පෙරෙට්ටුවේදී හඳුනාගැනේ

උපකාරක පන්තියට ගොස් එමින් සිටි බාලවයස්කාර දැරිය අපයෝජනය කළ කුඩ්ඩෝ පෙරෙට්ටුවේදී හඳුනාගැනේ

බාලවයස්කාර සිසුවිය සමූහ ලිංගික අපයෝජනය කළ බවට සැකපිට වාරියපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාම සිසුවිය හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලබන 15 දා දක්වා නැවතත් රක්ෂිත භාරයේ තබන ලෙස වාරියපොල ප්‍රධාන මහෙස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා ඉකුත්දා නියෝග කරන ලදී.

 

අධිකරණයේදී හඳුනාගත් සැකකරුවන් තිදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයේදී අධිකරණයෙන් මීට පෙර වැරැදිකරුවන් වී දඬුවම් විඳපු අය බවත් එක් අයෙකු බාලවයස්කාර දැරියක් අපයෝජනය කර අධිකරණයේ විභාග වන නඩුවක් පවතින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

ඉකුත් දිනක උපකාරක පංතියකට සහභාගී වීමෙන් අනතුරුව නිවසට යෑමට බස් නැවතුම්පොලේ සිටි මෙම සිසුවිය උපක්‍රමශීලීව එක් අයෙකු නගරාසන්නයේ පාළු මාර්ගයකට ගෙන ගොස් තිදෙනකු සමූහ අතවර කර ඇති බවට සිසුවිය වාරියපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඉකුත් මස 12 දා අධිකරණයට ඉදිරිපත් කළ බව වාරියපොල පොලිසිය පැවසීය.

 

වාරියපොල පොලිසිය මෙම සැකකරුවන් සම්බන්ධ පෙර වැරදි අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පළමු සැකකරුට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි 04 ක් සහ අවුරුදු 13 ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතී.

 

දෙවැනි සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා මත අවස්ථා 04 කදී වරදකරු බවට පත්ව ඇත. තුන්වැනි සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා 05 කට අධිකරණයේදී වරදකරු වී ඇති බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ පෙර වැරැදි වාර්තාවල සඳහන් වේ.

 

වාරියපොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු පොලිස් නිලධාරීන් මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

views

279 Views

Comments

arrow-up