සංගීතය මැද්දේ රාලහාමි පොලිස් කතට එළව එළවා පහරදීලා - අවසානයේ රාළහාමිට යන්න වූ තැන

කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ආරක්‍ෂාවට යොදවා සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකථනය පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැකකාර කොස්තාපල් වැඩ තහනමකටද ලක්කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මහබාගේ පොලිසියේ රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්‍ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලිසියේ ආධුනික කොස්තාපල්වරියක සමග බහින්බස් වී, ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකථනය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් කර, කොස්තාපල් අත්අඩංගුවට ගෙන වැඩ තහනමකටද ලක් කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
312 Views
Comments