“කොච්චර කිව්වත් සම්බන්ධෙ නවත්තලා නෑ...” - හෝටල් කාමරයක විනාශවුණු කවුරුත් දන්න ව්‍යාපාරිකයාගේ දියණිය

කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේමසම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ හෝටල් කාමරයක රැඳී සිටි එම දාහත් හැවිරිදි සිසුවියද පොලිස් භාරයට ගත් අතර ඇය කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියකි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කිසිදු රැකියාවක් නොකරන අයෙක් බවද පැවසේ.
තම දියණිය පාසල් ගොස් ආපසු නිවසට නොපැමිණි බව කියමින් එම සිසුවියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
දියණිය තරුණයකු සමඟ වසර හයක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවද ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
කොතරම් අවවාද කලත් දියණිය එම සම්බන්ධතාවය නතර කර නොමැති බවද ඇය පොලීසියට පවසා ඇතැයි කියති.
405 Views
Comments