12 හැවිරිදි සිසුවිය හෝටලයකට ගෙනගොස් කෙළෙසූ ගුරුවරයා මාට්ටු - ගුරා බේරාගන්න සිසුවිය කලදේ

හම්බන්තොට ප්‍රදේශයේ පාසලක අවුරුදු 12ක් වයස සිසුවියක පාසලට ඒම සදහා බස් නැවතුම්පොළක රැඳී සිටියදී සිසුවිය කාර් රථයේ නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් දූෂණය කළේ යැයි කියන එම පාසලේම ගුරුවරයෙක් හම්බන්තොට වරාය පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම ගුරුවරයා 39 වන වියේ පසුවන දෙදරු පියෙකි. සැකකරුගේ බිරිඳ ද ගුරුවරියකි. රැගෙන ගිය හෝටලය පිහිටි ප්‍රදේශයේ ගැන කීමට නොදන්නා බව සිසුවිය පොලිසියට පවසා ඇත.
හෝටල් කාමරය තුළදී සිප ගැනීම් පමණක් සිදු කළ බව සිසුවිය වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.
අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සිසුවිය පරීක්ෂා කර බලා ඇය දූෂණයකට ලක්වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේ යැයි පොලිසිය පවසයි.
ගුරුවරයා අතින් දූෂණය වූ බව සිසුවිය පොලිසියට හෝ මවට හෙළිකර නොමැත්තේ ඔහුත් සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබූ නිසා විය හැකි බවට පොලිසිය සැක කරයි.
ගුරුවරයා බේරා ගැනීමේ අරමුණින් සිසුවිය සිද්ධිය යටපත් කරගෙන සිට ඇති බව ද පොලිසිය සැකකරයි.
සැකකාර ගුරුවරයා 28 වැනිදා නිවාඩු දමා බස් නැවතුම්පොළේ රැඳී සිටි සිසුවිය කාරයට ගොඩකරවාගෙන හෝටලයකට රැගෙන ගොස් යළි දහවල් කාලයේ පාසල අසලින් බස්සවා ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දියණිය පාසල් නිම වී නිවසට පැමිණීම ප්‍රමාද වූ නිසා ඒ ගැන විපරම් කර බැ ලීමට මව විදුහලට ගොස් තිබේ. දියණිය පාසලේ නොසිටි නිසා ඒ ගැන විදුහල්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
පසුව කරන ලද සොයා බැලීමකදී මෙම සිසුවිය බස් නැවතුම් පොළේ නිවස බලා යෑමට රැඳී සිටියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මව දියණියගෙන් තොරතුරු විමසා පසුව ඇය ද කැටිව හම්බතොට වරාය පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබේ.
දියණිය මව සමග පවසා ඇත්තේ සැකකාර ගුරුවරයා සමග හෝටලයට ගිය කතාව පමණක් යැයිද පොලිසිය සඳහන් කරයි.
594 Views
Comments