“මගේ ජීවිතේට සාර්ථකත්වය ගෙනාවෙ පූජනී, ගැලපෙනවා කියලා හිතුනොත් අපි විවාහ වෙනවා” - ගයාන් ගුණවර්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

“මගේ ජීවිතේට සාර්ථකත්වය ගෙනාවෙ පූජනී, ගැලපෙනවා කියලා හිතුනොත් අපි විවාහ වෙනවා” - ගයාන් ගුණවර්ධන

“මගේ ජීවිතේට සාර්ථකත්වය ගෙනාවෙ පූජනී, ගැලපෙනවා කියලා හිතුනොත් අපි විවාහ වෙනවා” - ගයාන් ගුණවර්ධන

ගයාන් ගුණවර්ධන කියන්නේ කලාවට ආධුනික කලාකරුවෙක් නෙවෙයි. ඔහු දක්ෂතාවයන් වලින් පරිපූර්ණ වූ දායකයෙක් ඒ වගේම තමයි තවත් අවස්ථාවකදී අති දක්ෂ රංගන ශිල්පියෙක් විදියටත් මේ සුන්දර කලාකරුවා මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න බලා ගන්න හැකියාව ලැබෙනවා.


පාර දිගේ ටෙලි නාට්‍යයේ හරි අපූරු චරිතයකින් තමයි ඔහු මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට ආවේ’රංගන වැඩ කටයුතු කරද්දී ගයාන් කියන ගායකයා වැඩිපුර අපිට දකින්න ලැබුණේ නැහැ. රංගන ක්ෂේත්‍රය තුළ ම හැමදාම ඉන්නවද ගායන ශිල්පියා ව අමතක කරල ද කියලා අහපුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

 

“ගායකයාව අමතක කරලා නෙවෙයි රංගනයට සම්බන්ධ වුණේ 2016 වර්ෂයේ උනාට මම මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඒ නිසා ගීත කරන්න බැරි. මේ වෙඩි ටෙලිනාට්‍ය අටක් කලා තියෙනවා ඉන් හතරක් විකාශය වීමට නියමිත ඒවා.”


එය ආකාරයෙන් අදහස් දක්වන ගයාන් පසුගිය දවස් වල ජීවිතයේ ලොකු ලොකු අභියෝග වලට මුහුණ දීපු කෙනෙක් ඒ ඔහුගේ ආදරණීය තාත්තා වන සහ ප්‍රසිද්ධ ගායක නුවන් ගුණවර්ධන ගේ හදිසි වියෝව නිසා.

 

ඒ හැම දේමත් පිටිපස්සේ ඔහුත් එක්ක හරියට හරියට හිටපු තවත් සුන්දර කලාකාරිනියක් හිටියා. ඇය තමයි පූජනීය භාග්‍යා. 

 

පූජනී කියන්නේ ගයාන්ගේ ජීවිතයට සුවිශේෂී කෙනෙක්. ගොඩක් අය මේ දෙන්නා ආදරවන්තයින් කියලා හැඳින්වූවාට ඔවුන් දෙදෙනා නම් තාම ප්‍රසිද්ධියේ ඒ ගැන කියලා නැහැ. හැබැයි පූජනී ගැන ගයාන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

 

“මගේ ජීවිතයේ සාර්ථකත්වය අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ. මගේ කලා ජීවිතය සමීපම කෙනා එයා. මගේ අදහස් වලට එයාගේ අදහස් ගැලපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියක් සහෝදරියත් එයා’විවාහයට සුදුසුයි කියලා හිතුනොත් පූජනී එක්ක විවාහ වෙනවා 2019 වර්ෂයේ හුස්මක් තරමට නාට්‍යයේ දී තමයි එයාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ. ”

 

ඔන්න ඔය විදිහට තමයි ගයාන් තමාගේ පෞද්ගලික ජීවිතය සහ කලා කටයුතු පිළිබඳව කලකට ඉහතදී පුවත්පතකට අදහස් එකතු කරල තිබුනෙ. ඉතින් ඔහු හිතන පතන අයුරින් ම ඔහුගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

views

314 Views

Comments

arrow-up