“මේ ඩ්‍රැයිවර් උතුමාණන්ට ඉතින් වෙන වැඩක් තිබිලම නෑ” - බුකිය කැළඹූ වීඩියෝ එකේ කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

“මේ ඩ්‍රැයිවර් උතුමාණන්ට ඉතින් වෙන වැඩක් තිබිලම නෑ” - බුකිය කැළඹූ වීඩියෝ එකේ කතාව මෙන්න

“මේ ඩ්‍රැයිවර් උතුමාණන්ට ඉතින් වෙන වැඩක් තිබිලම නෑ” - බුකිය කැළඹූ වීඩියෝ එකේ කතාව මෙන්න

ලෝකයේ වගේම විශේෂයෙන්ම ලංකාවේ
කාන්තාවන්ට වෙන අතවර, අපයෝජන ගැන
නිරන්තරයෙන් අපිට දකින්න අහන්න ලැබෙනවා.

 

විශේෂයෙන්ම මහමඟ බස් රථ වල ඉන්න ”‍ජැක්සන්”‍ලාට
අමතරව, තමන් ඉන්නෙ කොහෙද කියන එකවත්
අවබෝධයක් නැමති බොහෝ ”‍අසහනය”‍ පිරුණු උනුන්
බොහෝ පිරිසක් ඉන්නවා.

 

මේ වගේ දේවල් ඉදිරියේ ඇතැම් කාන්තාවන් නිහඩ වෙද්දි
තවත් කාන්තාවන් ඊට එරෙහිව හඬ නඟනවා.

 

පසුගිය දවසක ඇප් එකක් මාර්ගයෙන් කුලී රථයක්
ගෙන්වා ගත් තරුණියකටත් මේ විදිහේ
අකරතැබ්බයකට මුහුණ පාන්න වෙලා.

 

මේ ගැන මුහුණු පොතෙන් අපිට හමුවුණු සටහනයි මේ,


මේ අද උදේ ..... (වාහන ඇප් එකක්) එකක ගිය මගෙ මිතුරියක්ට විඳින්න උන අපහසුතාවයක්!
ඇයගෙ ගමනාන්තය වෙලා තිබ්බෙ ........ හෝටලය, තරමක් කකුල් නිරාවරණය උන කොට සායක් ඇය ඇදන් ඉදලා තියෙන්නෙ, මෙන්න මේ ඩ්‍රයිවර් උතුමාණන්ට ඉතින් වෙන වැඩක් තිබිලම නෑ
දැන් ඉතින් ..........න්න හදන්නෙපා

 

”‍ ඇයි ඉතින් කොචච ඇන්දෙ? කොටට ඇන්දම කෞරුත් බලනවැ තමයි ”‍ ගගා
අපේ රටේ .............. ඩ්‍රයිවර්ලගෙ වම්නචර කම කල්තියා දැනගෙන දිගට දිගේ ඇදන් යන්න සාමාන්‍ය ගෑම්ණු ලමිස්සියො බැඳිල නෑ
බලන්න ඕනෙ උන් බලාගත්තට කාරියක් නෑ! හැබයි ඇඳුම ඇඳපු එකාගෙ ජිවිතේ අනතුරේ නොදා!
මේ ෆෆෆ ඩ්‍රයිවර් තව මගීයෙක්ව තමුන්ගෙ ගමනාන්තයට ආරක්ශිතව ගෙනියන වගකීම භාරගත්ත ජොබ් එකකුයි කරන්නෙ’ ඒකට ඔහුට මුදල් ගෙවනවා .

 

සල්ලිත් දීලා තව නගින්න වෙන්නෙ අසහනකාරයෙක්ගෙ වාහනයක් ඇතුලට නම් මොකක්ද ඒකෙ තේරුම?

ඔය සම්පුර්ණ වීඩීයෝ එකෙ පොඩි කොටසක් මන් ක්‍රොප් කරලා දැම්මෙ, අර මිනිහා ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන එක එහෙම් පිටින්ම අමතක කරලා හාට් බීට් වේගයට වඩා වැඩි වාරගානක් විනාඩියකට අර තරුණියගෙ සායෙන් එලියට පැනපු කකුල් බලනවා!
ගමනාන්තයට යද්දි තව ඩිංගෙන් මු බඩ වෙනවා කකුල දැකලම!
මේක ආරක්ශිත රයිඩ් එකක්ද? මේවගෙ ඩ්‍රයිවර්ස්ලා රෑට ඔය වාහනේට කෙල්ලෙක් නැග්ගොත් මොනා කරයිද දන්නෑනෙ,
ෆෆෆෆ මේ ඔබේ අවධානයටයි!

views

305 Views

Comments

arrow-up