පාපතර මුණුබුරාගේ අමානුශික පහරදීම 80 හැවිරිදි සීයාට මරු කැඳවූ හැටි

බැල්ලකෙටුව පොලිස් වසමේ පදිංචි 80 හැවිරිදි වියපත් සීයාට සහ 70 හැවිරිදි මිත්තණියට මුණුබුරකු (දියණියගේ පුතා) දැඩි ලෙස පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් ඔවුන් ප්‍රතිකාර පිණිස දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී සීයා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් සිටින්නේ බැල්ලකෙටුව, නව නිවාස, නාවෙලගම පාර යන ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩී. ඇඩ්ඩින් නමැති අයෙකි.
මෙම පහරදීම සම්බන්ධව හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ 02, නව නිවාස, නාවලගම, බැල්ලකෙටුව යන ලිපිනයේ පදිංචි දියණියගේ පුතා අත්අඩංගුවට ගැනීම පිණිස බැල්ලකෙටුව පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
367 Views
Comments