“අනේ අක්කෙ බලන්න මේ අයියා” - බිරිඳ යැයි සිතා නෑනාගේ ඇඟට පැන්න සැමියාට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

“අනේ අක්කෙ බලන්න මේ අයියා” - බිරිඳ යැයි සිතා නෑනාගේ ඇඟට පැන්න සැමියාට වූදේ

“අනේ අක්කෙ බලන්න මේ අයියා” - බිරිඳ යැයි සිතා නෑනාගේ ඇඟට පැන්න සැමියාට වූදේ

නෝනා යයි සිතා නැනාගේ ඇඟ මතට පැන නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.

 


ඉර බැස යමින් තිබියදී සිය නිවෙසේ සාලයේ තිබූ ක්‍රියා විරහිත විදුලි පහන පිළිබඳව ඔහුගේ මතකයට ආවේය. නැතහොත් ඊයේ වගේම අදත් ඊට බිරිඳගේ නාහෙන් ඇඬීම ඔහුට සිහිපත් විය.

 

බිම සිට විදුලි පහන සෑදීමට ඔහුට උස මදි බව පෙනුණි. ඒ සඳහා මේසයක් ගත්තද එයත් උස මදි වීම නිසා ඔහු මේසය උඩට පුටුවක් ද තබාගත්තේය. එම උස විදුලි පහන සෑදීමට හොඳටම ප්‍රමාණවත් විය. එහෙත් එය අඩමාන බව දුටු හෙයින් ඒ අවස්ථාවේ නැනාත් සමග කුස්සියේ පිළිසඳරක යෙදී සිටි බිරිඳට කතා කළේ පුටුව ටිකක් අල්ලා ගැනීමටය.

 

පළමු වර කතා කළ විට බිරිඳ සිටියේ නෑසූ කන් ඇතිවය. ඒ නිසාම ඊළඟ පාර ඔහු ටිකක් හඬ නගා බිරිඳට කතා කළේය. "එනවා එනවා" යයි කියමින් තමා සමග කතා කරමින් සිටි නැගණියට කීවේ "අනේ නංගි ගිහිල්ලා අයියාගේ පුටුව ටිකක් අල්ලා ගන්න" ලෙසය.



ඒ අනුව නෑනා ඔහු සිටි පුටුව අල්ලා ගත්තේ ඔහු උඩ බලාගෙන වැඩෙහි යෙදී සිටියදීය. සිය නෝනා පුටුව අල්ලා ගත්තේ යයි සිතූ ඔහු බිය නැතිව කාර්යය නිම කර බහින්නට සූදානම් වූයේ තමන් තදින් කතා කිරීම නිසා අමනාපයෙන් ඇතැයි සිතු බිරිඳට පුංචි පහේ විහිළුවක්ද කරමිනි. උඩ බලා සිටීම නිසා ඔහුගේ දෑස නිලංකාර වී තිබිණි.



පුටුව උඩින් මේසයට බට ඔහු බිරිද යයි සිතා නෑනාගේ ඇගට පැන්නේ බිමට බැසීමටය. වෙනදා මෙවැනි විහිළුවක් කළ විට නෝනා ඔහුට වැටීමට නොදී අල්ලා ගත්ත ද එවැන්නක් සිදු නොවීය. සිදු වූයේ දෙදෙනාම එක පොදියේ දඩාං ගා බිමට ඇද වැටීමය.

 

මේ මහා ශබ්දය ඇසී කුස්සියේ සිටි නෝනාත්, කාමරවල සිටි දරුවන් දෙදෙනාත්,
ඉස්තෝප්පුවේ සිටි නැන්දම්මාත් දිවගෙන ආහ. නෑනාත් ඔහුත් දෙදෙනාම බිම පෙරළී සිටියහ.



"අනේ බලන්න මේ අයියා මගේ ඇගට පැන්නානේ" යි නෑනා බේරිමට කීවාය.



"අනේ මම හිතුවේ නෝනා කියලනේ. ඒකනේ මේ වගේ විහිළුවක් කරන්න ගියේ" යයි ඔහු කීවාය.



" ඔව් ඔව් අයියා ඔය වගේ විහිළු මටත් කරනවා. පැටලිලා තමයි ඔක වෙන්න ඇත්තේ " යයි කියමින් බිරිඳ ඔහු බේරාගත්තද නැනා තවම ඔහුට හරියට මුහුණ දෙන්නේ නැතිලු.

views

804 Views

Comments

arrow-up