17 හැවිරිදි පෙම්වතියට මිරිස්කුඩු ගසා අමුතුවට වීඩියෝ කල නරුමයාට ලැබුණු දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

17 හැවිරිදි පෙම්වතියට මිරිස්කුඩු ගසා අමුතුවට වීඩියෝ කල නරුමයාට ලැබුණු දඩුවම

17 හැවිරිදි පෙම්වතියට මිරිස්කුඩු ගසා අමුතුවට වීඩියෝ කල නරුමයාට ලැබුණු දඩුවම

අවුරුදු 17 ක් වයසැති පෙම්වතියව නිරුවත් කර ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් රහස් ප්‍රදේශයට මිරිස් කුඩු ගසා තුවාල සිදුකළ පෙම්වතා ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා ඉකුත්දා නියම කළේය.

 

18 හැවිරිදි තරුණ සැකකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

 

තරුණිය රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය. දෙපාර්ශ්වයේම මවුපිය ඥාතීන් දැනුවත්ව, දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

 

සැකකරු යතුරුපැදියකින් පැමිණිලිකාරියව තම ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් තිබේ.

 

පසුව එම නිවසේ කාමරයක් තුළදී පැමිණිලිකාරිය, සැකකරුට නොදන්වා ගිය ගමනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල දුරදිග යෑමෙන් අනතුරුව සැකකරු එම නිවසේ කුස්සියේ තිබූ මිරිස්කුඩු දමා තිබූ බෝතලය රැගෙන විත්, උඹ කවදාවත් හැදෙන්නෙ නැහැ’ යැයි කියමින් මෙසේ කළ බවට පැමිණිලිකාරිය ප්‍රකාශ ලබාදී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

 

views

548 Views

Comments

arrow-up