බුදුමැදුරේ තිබූ පිළිමය කඩා දැමූ මසුන් මරන්නාට ලැබුණු දඩුවම (PHOTOS)

මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ ස්ථාපිත බුදු මැදුරක තිබූ බුද්ධ ප්‍රතිමාවක් කඩා විනාශ කළ පුද්ගලයෙකු කෝකිලායි පොලීසිය විසින් 01 දා සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව කෝකිලායි පොලීසිය සඳහන් කරයි.
එම ප්‍රදේශයේ වූ බුදු මැදුරක බුද්ධ ප්‍රතිමාවක් කඩා දමා ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඒ අනුව බුද්ධ ප්‍රතිමාව විනාශව ඇති අයුරු පොලීසිය නිරීක්ෂණය කොට ඇති අතර ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ වලදී මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු මෙම ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගොස් සිටින 33 හැවිරිදි අයෙකු වන අතර කෝකිලායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.
281 Views
Comments