බෑනායි ඥාති පුතායි සමඟ එක්ව වයෝවෘද්ධ මනාලයාගේ 69 ලක්ෂයකට විද්ද 57 මනාලිය මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

බෑනායි ඥාති පුතායි සමඟ එක්ව වයෝවෘද්ධ මනාලයාගේ 69 ලක්ෂයකට විද්ද 57 මනාලිය මාට්ටු වූ හැටි

බෑනායි ඥාති පුතායි සමඟ එක්ව වයෝවෘද්ධ මනාලයාගේ 69 ලක්ෂයකට විද්ද 57 මනාලිය මාට්ටු වූ හැටි

පුවත්පතක පළ කර තිබූ මංගල යෝජනාවක් ඔස්සේ දැන හැඳින ගෙන වයස 67 ක පුද්ගලයෙකුගෙන් වංචනිකව මුදල් ගැරූ පනස් හත් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක කාන්තාවක් සහ ඇගේ බෑනා සහ තවත් ඥාති පුතකු බව පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 45 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

 

නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි විවාහක පිරිමි පුද්ගලයෙකු විසින් තමාට සහකාරියක් සොයා ගැනීමට පුවත්පතක මංගල යෝජනාවක් පළ කර තිබූ අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව එම දැන්වීම හරහා ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

 

පසුව කාන්තාවගේ ඉල්ලීම පරිදි 67 හැවිරිදි පුද්ගලයා කාන්තාව පදිංචි ගන්නෝරුව නිවසට ගොස් ඇත. එහිදී ආදර බස් දොඩමින් දෙදෙනා බොහෝ වේලාවක් කල් ගත කර ඇත.

 

පසුව පිරිමි පුද්ගලයා විසින් කාන්තාව වැලඳගෙන ඇගේ පපු ප්‍රදේශයට හාද්දක් දී නිවසෙන් පිටත්ව ගොස් ඇත.

 

පසුදින සැකකාර කාන්තාව විසින් පිරිමි පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. එහිදී පවසා ඇත්තේ පෙර දින හාද්ද දෙන අවස්ථාවේ පපු ප්‍රදේශය තදවීම නිසා තමාගේ පපු ප්‍රදේශයේ නහරයක් පුපුරා ගිය බවත් පසුව තමා රෝහල් ගතවුණු බවත්ය. මේ සඳහා ලක්ෂ 30 ක පමණ මුදලක් වැයවන බව ද ඇය පිරිමි පුද්ගලයාට පවසා ඇත. බියට පත්වූ පිරිමි පුද්ගලයා විසින් අදාළ කාන්තාවගේ බැංකු ගිණුම ඔස්සේ ඇයට මුදල් ලබා දී ඇත.

 

පසුව දිගින් දිගටම සැකකාර කාන්තාව වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ලෙස ද පුද්ගලයින් යොදවා අදාළ පුද්ගලයාගෙන් මුදල් ගරා ඇත. මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවලදී ඥාතීන් ද යොදා ගනිමින් තර්ජනාත්මකව මුදල් ඉල්ලා ඇත. ඒ අනුව වාර කිහිපයක දී බැංකු ගිණුම ඔස්සේ රුපියල් හැට නම ලක්ෂ දහ දාහක මුදලක් (69,10.000) සැකකාර කාන්තාව වංචනිකව පිරිමි පුද්ගලයාගෙන් ලබාගෙන ඇත.

 

අදාළ පිරිමි පුද්ගලයා නිවසේ තනිවම ජීවත් වන අතර ඔහුගේ හිතවතෙකු මේ පිළිබඳ දැන ගැනීමෙන් පසුව සිද්ධිය නිට්ටඹුව පොලිසියට පවසා ඇත. වහාම ක්‍රියාත්මක වූ නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

 

මේ අතර අදාළ කාන්තාව තවත් රුපියල් ලක්ෂ 25 ක මුදලක් අදාළ පිරිමි පුද්ගලයාගෙන් ඉල්ලා ඇත. පොලිසිය විසින් ඉහත වූ උපායක් අනුව මුදල් දීමට කැමති බව පවසා ඇත. ඒ අනුව එම මුදල් රැගෙන යෑමට නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයට පැමිණි සැකකාර කාන්තාවගේ බෑනා සහ අනිත් ඥාති පුත්‍රයා එහිදී පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාව ද අත්අඩංගුවට ගැනිණි.

 

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ ඇගේ ඥාතීන් දෙදෙනා පෙරේදා (07දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 

 

views

425 Views

Comments

arrow-up