ඩොලර් වලින් හම්බ කරන අයට මෙන්න සුබම සුබ ආරංචියක්

දැන් විදේශ ආදායම් උපයන්නන් ගේ එම ආදායම විදේශ මුදල් වලින්ම මෙරට බැංකු ගිණුම්වල පවත්වාගෙන යාමේ අවස්ථාව යළි හිමිව තිබේ.
විදේශ ප්‍රේෂණ, අපනයන ආදායම සහ සංචාරක ආදායම ඉහළ යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවට කියා සිටින මහ බැංකුව, ඒ අනුව අපනයන ආදායම් ලබන්නන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් උපයා මෙරටට ගෙන එනු ලබන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි පනවා තිබූ නීතිය මෙම මස මුල සිට අහෝසි කෙරෙන බවට සඳහන් කොට සිටී.
363 Views
Comments