APR
01
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නියම කළ ඉතිහාසයේ ලොකුම දඩය

අනුමත කර ඇති මිල සීමාව ඉක්මවා ඩෙංගු පරීක්ෂණය සහ FBC පරීක්ෂණය සඳහා ගාස්තු අය කළ කොළඹ පුද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩ මුදලක් නියම වී ඇත.
ඒ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් ඊයේ දින කැඳ වූ අවස්ථාවේදී ය.
මෙම දඩ මුදල පාරිභෝගික අධිකාරිය විසින් යම්කිසි ආයතනයකට එරෙහිව නියම කළ වැඩිම දඩ මුදල බව වාර්තා වේ.
මෙම විමර්ශනය කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් සිදු වී ඇත.
282 Views
Comments