එළවළු මිලේ ඇදහිය නොහැකි දැවැන්ත පහළ යාමක්

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව වාර්තා වේ.
අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම සහ එසේ ලැබුණු එළවළු තොග ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යාම මීට හේතු වී ඇති බව ද වාර්තා වේ.
පෙර රුපියල් 400.00 කට අලෙවි කෙරුණු බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100.00 දක්වාත්, රුපියල් 700.00 කට අලෙවි කෙරුණු මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 250.00 දක්වාත්, කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 450.00 සිට රුපියල් 100.00 දක්වාත්, ගෝවා කිලෝග්‍රෑමයක මිල රුපියල් 300.00 සිට රුපියල් 50.00 ක් පමණ දක්වාත් අඩු වී ඇති බව වාර්තා වන අතර බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිලද මෙලෙසින්ම විශාල වශයෙන් පහළ බැස තිබෙන බව වාර්තා වේ.
316 Views
Comments