මහ බැංකු අධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

මහ බැංකු අධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු අධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටුවේ අනුමැතිය අද (20) දිනයේ ලැබීමට නියමිත බවයි.

 

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ප්‍රමාණවත් තරම් විදෙස් සංචිත ඒ සමග ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙරට ඩොලර් අර්බුදය අවසන් වන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටී.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත මෙම ණය මුදලත් සමග ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය තවත් වැඩිවනු ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයක් ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

views

287 Views

Comments

arrow-up