විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වල ඉහළයාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වල ඉහළයාමක්

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වල ඉහළයාමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ, 2023 වසරේ මුල් මාස දෙක තුළ දී විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන් මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 844.9 ක් ලෙසින් වාර්තා වී ඇති බවයි.

 

මෙය 2022 වසරේ මුල් මාස දෙක තුළ ලැබී තිබුණු ප්‍රේෂණ වටිනාකම වන ඩොලර් මිලියන 464.1 හා සැසඳීමේදී 82% ක ඉහළ යාමක් බව සඳහන් වේ.

 

මහ බැංකුව පවසන පරිදි 2003 පෙබරවාරි මාසයේ ලැබී තිබෙන ප්‍රේෂණ වටිනාකම ඩොලර් මිලියන 407.4 වේ.

 

කෙසේ වෙතත් එය 2023 ජනවාරි මාසයේ ලද ඩොලර් මිලියන 437.5 ක ප්‍රේෂණ අගයට වඩා අඩු අගයකි.

 

විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් 2022 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 475.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ.

 

එය 2021 ජූනි මාසයෙන් පසු මේ දක්වා තනි මාසයක් තුළ වාර්තා වී ඇති වැඩිම ප්‍රේෂණ අගය බවද සඳහන් වේ.

views

332 Views

Comments

arrow-up