MAR
08
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට සුබ පණිවුඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබාදීමට අනුමැතිය හිමි වීමෙන් පසුව, අනෙකුත් පාර්ශ්ව වලින් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවයි.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනිකුත් ණය හිමියන්ගේ සහය එලෙස ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බව එම අරමුදල පෙන්වා දෙයි.
එමගින් ශ්‍රී ලංකාවේ බලධාරීන් බලාපොරොත්තුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කරගෙන යාමට අවස්ථාවක් හිමිවනු ඇති බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
384 Views
Comments