ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවන්න නව ආයෝජන සන්නාම තානාපතිවරුන් පිරිසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවන්න නව ආයෝජන සන්නාම තානාපතිවරුන් පිරිසක්

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවන්න නව ආයෝජන සන්නාම තානාපතිවරුන් පිරිසක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවීම වෙනුවෙන්  තෝරාගත් රටවල් 5ක් සඳහා ආයෝජන සන්නාම තානාපතිවරුන් 5 දෙනෙකු පත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කටයුතු කර තිබේ.

 

ඉන්දියාව වෙනුවෙන් ශිවා සුබ්‍රමනියම්,  මැලේසියාව සඳහා මොහොමඩ් හිල්මි කරීම්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් තක්ෂිල ප්‍රේමසිරි, දකුණු කොරියාවේ සන්නාම තානාපති ලෙස සංජීව සුරවීර  සහ මහා බ්‍රිතාන්‍ය සඳහා කන්නයියා ගජන් යන මහත්වරුන් පත්කර තිබෙන බව සඳහන් වේ. 

 

ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් එරට සාමාන්‍ය තත්ත්වය සොයාබලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් කිසිම ආයෝජකයෙක් මෙරට දෙස නොබලන බවත් කියා සිටි ඔහු යම් රටක දේශපාලන ස්ථාවරභාවය, ශ්‍රම බළකාය, නීති හා අණපනත්, භූගෝලීය පිහිටීම වැනි කරුණු රාශියක් පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව තම ආයෝජනය පිළිබඳව සිතන ආයෝජකයා තම ආයෝජනය සම්බන්ධයෙන් අවධානමක් ගැනීමටද කිසිවිටකත් නොසිතන බවත් ඔහු පවසයි.

 

කලාපයේ අනෙකුත් රටවල්ද ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට විශාල තරගයක නිරතවන මෙවන් අවධියක මේ පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතු බවත්, ඕනෑම ආයෝජකයෙකුට විශ්වාසනීයම හා පහසුම ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සියලු පාර්ශ්වයන් ඉක්මණින් කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

 

එමෙන්ම යල්පැන ගිය වඩාත් වෙහෙසකර ක්‍රමවේදයන්ගෙන් බැහැරව ක්ෂණිකව, විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයන් හඳුන්වාදිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

 

තවද මෙම සන්නාම තානාපතිවරුන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන අතර එම රටවල ආයෝජකයින් ව්‍යාපාරිකයන් අතර පිළිගැනීමට ලක් වුවන් බවද ඔහු කියා සිටී.

views

278 Views

Comments

arrow-up