ප්‍රකට පිරමීඩ ව්‍යාපාර තුනකට එරෙහිව මහ බැංකුව නඩු පැවරීමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ප්‍රකට පිරමීඩ ව්‍යාපාර තුනකට එරෙහිව මහ බැංකුව නඩු පැවරීමට යයි

ප්‍රකට පිරමීඩ ව්‍යාපාර තුනකට එරෙහිව මහ බැංකුව නඩු පැවරීමට යයි

රට තුළ ක්‍රියාත්මක වන පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම තුනකට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

ඒ අනුව Fast 3Cycle International (Pvt) Ltd (F3C), Sport Chain App, Sports Chain ZS Society Sri Lanka & OnmaxDT යන ආයතන බැංකු පනතේ 83C හි විධිවිධාන උල්ලංඝණය කර තිබේද යන්න සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණ සිදු කර ඇත.

 

 

එලෙස පවත්වන ලද විමර්ශනයට අදාලව ඉහත ආයතන තුන සහ එම ආයතනවල අධ්‍යක්ෂකවරුන්, නිර්මාතෘවරුන් සහ ප්‍රවර්ධකයින් ඉහත පනතේ විධිවිධානවලට පටහැනිව තහනම් යෝජනා ක්‍රම පවත්වා ඇති බව මහ බැංකුව තීරණය කර ඇති අතර ප්‍රාදේශීය පුවත්පත්වල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමටද මහ බැංකුව විසින් කටයුතු කර ඇත.

views

348 Views

Comments

arrow-up