2023 මාර්තු 21 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

2023 මාර්තු 21 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

2023 මාර්තු 21 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත වලට අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සීඝ්‍රලෙස පහත වැටී තිබෙන බව වාර්තා වේ.

 

සමස්තයක් වශයෙන් ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 350.00 සීමාවේ පැවති අතර ගැනුම් මිල රුපියල් 332.00 ක් ලෙස සටහන් වී තිබුණි.

 

එහෙත් අද දිනය වන විට කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314.66 ක් ලෙස සටහන් වූ අතර විකිණුම් මිල රුපියල් 336.00 ක් ලෙස සටහන් වී තිබෙන බව වාර්තා වේ.

 

සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රුපියල් 315.00 ක් සහ විකුණුම් මිල රුපියල් 330.00 ක් ලෙස සටහන්ව ඇති අතර, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 308.70 ක් ලෙස ද විකිණුම් මිල රුපියල් 330.92 ක් ලෙස ද සටහන් වූ බව වාර්තා වේ.

views

380 Views

Comments

arrow-up