MAR
14
බොරතෙල් මිල පහළට

අද (14) ලෝක වෙළෙදපොලේ බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් විය.
මීට සතියකට පෙර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 86.26ක් ලෙස සටහන් විය.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මිට සතියකට පෙර ඩොලර් 80.46ක් ලෙසයි.
274 Views
Comments