APR
02
බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කරන හැටි බේකරි හිමියන්ගේ සංගමය කියයි

බිත්තරයක මිල රුපියල් 35 ක් දක්වා පහත දැමුවහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටී.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලැබීමත් සමග බිත්තර සඳහා වෙළෙඳපොලේ පවතින ගැටළු සතියක් ඇතුළත නිරාකරණය වනු ඇතැයි විශ්වාසය පළ කරන බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා සිටී.
කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
405 Views
Comments