ආනයනික කිරිපිටි මිල පහළ ගියද දේශීය කිරිපිටි මිලේ වෙනසක් නැත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ආනයනික කිරිපිටි මිල පහළ ගියද දේශීය කිරිපිටි මිලේ වෙනසක් නැත

ආනයනික කිරිපිටි මිල පහළ ගියද දේශීය කිරිපිටි මිලේ වෙනසක් නැත

අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වන අතර, ආනයනික කිරිපිටි මිල අද සිට පහත දැමුවද දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු කළ නොහැකි බව එම සංගම් ප්‍රකාශ කර සිටී.

 

මේ වන විට ගොවීන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා කියා සිටී.

 

සාමාන්‍යයෙන් දෛනිකව කිරි ලීටර ලක්ෂ 12 ක් නිෂ්පාදනය කෙරෙන නමුත්, එය මේ වන විට කිරි ලීටර ලක්ෂ 5 දක්වා අඩු වී ඇති බව ද, මේ හේතුවෙන් දේශීය කිරිපිටි මිල අඩු කළ නොහැකි බවද, මිල්කෝ සමාගමේ සභාපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

 

එමෙන්ම, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරිශීල වික්‍රමනායක මහතා ද ප්‍රකාශ කර සිටියේ ආනයනික කිරිපිටි මිල අඩු කළ ද දේශීය කිරිපිටි මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

views

319 Views

Comments

arrow-up