පික්මී කුලී රථ සමාගම ගාස්තු අඩු කිරීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

පික්මී කුලී රථ සමාගම ගාස්තු අඩු කිරීමට තීරණය කරයි

පික්මී කුලී රථ සමාගම ගාස්තු අඩු කිරීමට තීරණය කරයි

PickMe කුලී රථ සේවාව විසින් ඊයේ දින කිලෝමීටරයක ගාස්තුව තවදුරටත් සංශෝධනය කරන බව නිවේදනය කර තිබේ.

 

 

ඒ අනුව කිලෝමීටරයක ගාස්තුව රු. 68.00 දක්වා අඩු කෙරෙනු ඇත.

 

 

පාරිභෝගිකයින් සොයා රියදුරන්ට මාර්ග වල ගමන් කිරීමට අවශ්‍ය නොවන පරිදි සිය ඩිජිටල් වේදිකාව කාර්යක්ෂම බැවින් අනෙකුත් කුලී රථ ගාස්තු වලට වඩා බෙහෙවින් පහළින් සිටීමට ඔවුන්ට හැකි බව PickMe හි ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසන ලදී.

 

 

මෙම වසරේදී PickMe සඳහා ඇති ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන අතර එය රටට පැමිණෙන සංචාරකයින් අතර ද ජනප්‍රිය වෙමින් පැවතීම මීට හේතුවක් වී ඇත.

views

363 Views

Comments

arrow-up