2023 මාර්තු 28 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ මෙරට වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාත වලට අනුව කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314.27 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 332.50 ක් ලෙසත් සඳහන් වේ.
එසේම, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.52 ක් වන අතර, විකිණුම් මිල රුපියල් 336.09 ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර, ලංකා බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.00 ක් වන අතර විකිණුම් මිල රුපියල් 334.54 ක් ලෙස ද, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.00 ක් හා විකිණුම් මිල රුපියල් 330.00 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.
361 Views
Comments