MAR
21
ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙන දවසක් අත ළඟ

අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටී.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටින ඒ මහතා, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකෙරෙන අතර, බොරතෙල් මිල අඩුවෙමින් පැවතීම සහ රුපියල ශක්තිමත් වෙමින් පැවතීම හේතුවෙන්, ජනාධිපතිවරයාද උපදෙස් ලබා දී ඇති ආකාරයට අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධනය හරහා ජනතාවට විශාල සහනයක් ලබා දෙන බවට අවධාරණය කොට තිබේ.
359 Views
Comments