ඔට්ටු ඇල්ලීම හා සූදු සම්බන්ධ බදු පනත සංශෝධනය කෙරේ

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්දට අදාල පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණේ නීතිපතිවරයා විසින් ද සංශෝධනය සඳහා අවසර ලබාදීමෙන් පසුවය.
332 Views
Comments