පොලී අනුපාතයන් පාලනය කිරීම මහ බැංකුවේ කටයුත්තක් බව ඇමති බන්දුල කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

පොලී අනුපාතයන් පාලනය කිරීම මහ බැංකුවේ කටයුත්තක් බව ඇමති බන්දුල කියයි

පොලී අනුපාතයන් පාලනය කිරීම මහ බැංකුවේ කටයුත්තක් බව ඇමති බන්දුල කියයි

ප්‍රතිපත්ති පොලී අනුපාතය හා අනිකුත් පොලී අනුපාතයන් පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බවත් පොලී අනුපාතය අඩු කිරීම හෝ වැඩි කිරීම මහ බැංකුවේ කටයුත්තක් බවත් ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී වර්ජනය කිරීමට නියමිත රජයේ සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්  අමාත්‍යවරයා මේ  බව පැවසීය.

 

එසේම පොලී අනුපාතය අඩු වැඩි වන්නේ විනිමය අනුපාතය, උද්ධමනය හා වෙළෙඳපොළ  හැසිරීම මත පදනම්ව වන අතර පොලී අනුපාතය අඩු වැඩි කිරීම පාලනය කිරීමට රජයට නොහැකි බවත් එවැන්නක් පාලනය කිරීමට රජයට බල කරනවා නම් එය නොදැනුවත්කම නිසා  සිදුකරන  ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

 

මේ මොහොත වන විට උද්ධමනය අඩු වෙමින් පවතින බැවින් අනාගතයේදී පොලී අනුපාතය ද පහළට ගමන් කරනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

views

254 Views

Comments

arrow-up