MAR
08
කොළඹ කොටස් වෙළෙඳපොලේ විශාල වර්ධනයක්

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් සමග ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු අවසන් කරන විට විශාල වර්ධනයක් දකින්නට ලැබුණු බව වාර්තා වේ.
සියලු කොටස් මිල දර්ශකය, S&P and Srilanka 20 දර්ශකය යන දර්ශක දෙකම ඉහළ වර්ධනයක් දැකගත හැකි වූ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02 ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 9642 දක්වාත් S&P and Srilanka 20 දර්ශකය ඒකක 30.1 ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2869 දක්වාත් ඉහළ ගොස් තිබිණි.
291 Views
Comments