IMF එකෙන් ලංකාවට ණය දෙන්න දාපු කොන්දේසි සියල්ල මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

IMF එකෙන් ලංකාවට ණය දෙන්න දාපු කොන්දේසි සියල්ල මෙන්න

IMF එකෙන් ලංකාවට ණය දෙන්න දාපු කොන්දේසි සියල්ල මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකමේ පළමු වාරික ලෙස ඩොලර් මිලියන 333 ක් ඉදිරි දින දෙක ඇතුළත ලැබීමට නියමිත වේ.

 

වසර හතරක් තුළ වාරික වශයෙන් මෙම ඩොලර් බිලියන තුන ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ හා දැඩි කොන්දේසි රැසක් මධ්‍යයේ බව වාර්තා වේ. ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු එම කොන්දේසි පහත දැක්වේ.

 

  • ණය ප්‍රතිව්‍යුහගතකරන සැලසුම අප්‍රේල් මාසය අවසන් වන විට ඉදිරිපත් කිරීම.
  • 2023 වසර අවසන් වන විට උද්ධමනය 12% - 18% දක්වා ගෙන ඒමට ඉලක්ක කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීම.
  • දේපළ සහ ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දීම
  • ජූනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන අපනයන සීමා ඉවත් කිරීම.
  • විනිමය අනුපාත නම්‍යශීලීභාවයකින් පවත්වාගෙන යාම.
  • මහබැංකුව වඩා ස්වාධීන ආයතනයක් කිරීම.
  • ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දීම.
  • එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දීම.
  • රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය විසින්
  • ඉතා ඉක්මණින් ගැනීම.
  • ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම.

එම කොන්දේසි වේ.
 

views

348 Views

Comments

arrow-up