ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලැබුණු මොකක්ද මේ “SDR”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදීමට විස්තීර්ණ ණය පහසුකම යටතේ විශේෂ ගැණුම් හිමිකම් බිලියන 2.286ක් අනුමත කරන ලදී.
Special Drawing Rights ලෙසින් හඳුන්වනු ලබන මෙම පහසුකම භාවිතයේදී SDR යන කෙටි නාමය භාවිතා කරනු ලබයි. විශේෂ ගැනුම් හිමිකම් වශයෙන් හඳුන්වනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්මාණය කරන ලද සංචිත වත්කමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු ගනුදෙනු සිදු වන්නේද මේ හරහාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වත්කම් විශේෂය හඳුන්වා දෙනු ලැබූයේ ජාත්‍යන්තර ද්‍රවශීලතා සැපයුමේ නම්‍යතාවයක් ඇති කිරීමේ අරමුණෙනි.
එවකට පැවැති රන් හා ඇමරිකානු ඩොලර් ජාත්‍යන්තර ද්‍රවශීලතා මාධ්‍යක් වශයෙන් එතරම් කාර්යක්ශම නොවීම මේ සඳහා හේතු පාදක විය. ඒ අනුව මෙම ජාත්‍යන්තර සංචිතය කිසියම් ව්‍යවහාර මුදල් වර්ගයක් නොවන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සාමාජික රටවල ව්‍යවහාර මුදල් වෙනුවට හුවමාරු කරගත හැකි ද්‍රවශීලතා මාධ්‍යයකි.
ආරම්භයේ දී විශේෂ ගැණුම් හිමිකම් ඒකකයක වටිනාකම ඇමරිකානු ඩොලර් එකට සමාන වන පරිදි තීරණය කළ ද පසුකාලීනව ඩොලරයේ අගය උච්චාවචනය වීම හේතුවෙන් ප්‍රධාන මුදල් වර්ග කිහිපයක බර තබන ලද මධ්‍යයේ අගයකට අනුව ගණනය කරනු ලබයි. වර්තමානයේ දී ඇමරිකානු ඩොලරය, යුරෝ මුදල් ඒකකය, ජපන් යෙන් හා බ්‍රිතාන්‍ය පවුම යන මුදල් ඒකකයන්හි බර තබන ලද අගය මත අදාළ ගණනය කිරීම සිදු කරනු ලැබීය.
365 Views
Comments