රුපියල මෙම වසරේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 7.7කින් බාල්දු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

රුපියල මෙම වසරේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 7.7කින් බාල්දු වෙයි

රුපියල මෙම වසරේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 7.7කින් බාල්දු වෙයි

මේ වසෙර්(2021) මුල සිට පසුගිය නොවැම්බර් 15 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල සියයට 7.7කින් පමණ පිරිහීමට ලක්ව තිබේ.

 

එමෙන්ම අනෙකුත් ප‍්‍රදාන විදේශ ව්‍යහාර මුදල්වලට සාපේක්‍ෂවද රුපියල පිරිහීමට ලක්ව ඇත. 

 

මේ අනුව ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියටය 6.3 කින්ද, ඔස්ටේ්‍රලින් ඩොලරයට සාපේක්‍ෂව සියයට 3.1 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 6.3 කින් සහ යුරෝ මුදලට සාපේක්‍ෂව සියයයට 0.9 කින්ද මේ කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්ව තිබේ. 

 

මේ අතර ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල් සියයට 1.9 කින් ශක්තිමත් වී ඇතැයි දත්ත වාර්තා සඳහන් කරයි.

views

612 Views

Comments

arrow-up