ශ්‍රී ලාංකිකයින් 8000ක් ක්‍රිප්ටෝ වංචාවකට හසු වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

ශ්‍රී ලාංකිකයින් 8000ක් ක්‍රිප්ටෝ වංචාවකට හසු වෙලා

ශ්‍රී ලාංකිකයින් 8000ක් ක්‍රිප්ටෝ වංචාවකට හසු වෙලා

ශ්‍රී ලාංකිකයන් 8000 කට අධික පිරිසක් ක්‍රිප්ටෝ නීති විරෝධී මුදල් ආයෝජන ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වී ඇති බවත්, මේ හරහා වංචා කෙරී ඇති මුළු මුදල රුපියල් බිලියන 15 කට අධික බවත් අල්ජසීරා රූපවාහිනී සේවාව හෙළි කොට තිබේ.

 

මෙම ජාවාරමට සම්බන්ධ විදේශිකයන් දෙදෙනකු ඇතුළු රැසකගේ බැංකු ගිණුම් මහ බැංකුව විසින් තහනම් කොට ඇති අතර, රහස් පොලිසිය විසින් ඔවුන්ගේ වාහන, නිවාස ඇතුළු වත්කම් තහනම් කර තිබෙන බව ද වාර්තා වේ.

 

මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් සුපිරි නිවාස සංකීර්ණවල නිවාස සහ බෙන්ස් රථ ද මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර නීති විරෝධී සමාගමක් ස්ථාපිත කර මොවුන් මෙම ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ජාවාරම මෙහෙයවා තිබෙන බවට හෙළි වී තිබේ.
 

views

294 Views

Comments

arrow-up