ශ්‍රී ලංකාව ගැන චීනය සහ ඇමරිකාව කතාබහක

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව අද (25) ඇමරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය පවසන්නේ, එහිදී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට නියමිත බවය.
අඩු ආදායම්ලාභී සහ ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍ය ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීමට චීනය අනුගමනය කරන පසුගාමී ප්‍රතිපත්තිය ඇමරිකාව විසින් දිගින් දිගටම විවේචනය කරන බව විදෙස් මාධ්‍ය තවදුරටත් පවසයි.
277 Views
Comments