FEB
19
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන විකුණා ලාභ උපයයි

2023 වර්ෂයේ පෙබරවාරි 18 වන දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ. ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.21 ක ලාභයක්ද ඔටෝ ඩීසල් ලීටරයකින් 3.25 ක ලාභයක් ද භූමිතෙල් ලීටරයකින් රු. 21.49 ක පාඩුවක් ද සිදු වී තිබේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ඉහළම ලාභයක් උපයා ඇති අතර එය රුපියල් 109.44 ක් ලෙස සටහන් වේ.
394 Views
Comments