චීනය එපා කිව්වත් ලංකාවට ණය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල සහතිකය නොමැතිව වුව ද ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව යි. ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනාගෙන ඇති බව එම අරමුදල උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ, විශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බව යි. කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව පැවසේ. ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.
300 Views
Comments