සියලු ඉන්ධන වර්ග වලින් නව බද්දක් අය කිරීමට සැරසේ

මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යෝජනා කොට තිබේ.
යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් 100 ක මාර්ග නඩත්තු ගාස්තුවට අමතරව මෙම බද්ද අය කිරීමට සැලසුම් කෙරෙන බව වාර්තා වන අතර, මෙම බද්ද මගින් වාර්ෂිකව රැස්කිරීමට අපේක්ෂිත ආදායම රුපියල් කෝටි අසූවක් බවද වාර්තා වේ.
මෙරට මාර්ග නඩත්තුව සඳහා වාර්ෂිකව වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි දෙදහස් දෙසියයක් පමණ වන බවට බව මහාමාර්ග අමාත්‍යාංශය කියා සිටී.
344 Views
Comments