ආයෝජන මණ්ඩලයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ආයෝජන මණ්ඩලයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වෙයි

ආයෝජන මණ්ඩලයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනකු සිය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

 

ඒ දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමට තමන් ඉදිරිපත් කළ යෝජනා අසාර්ථක වීම හේතුවෙනි.

 

ඔවුන් මෙලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන බව නිවේදනයකින් දැනුම් දී ඇති අතර එම නිවේදනය පහතින්

 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව දන්වා සිටිමු.

 

සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය තනතුරු වල වැඩ භාර ගන්න ලද්දේ, අප රට තුල ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ඇති කරමින්, මෙම දශකය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට සහාය දැක්වීමේ ඒකීය චේතනාවෙනි.

 

මීට අදාළ උපායමාර්ගික න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රවර්ධන ආයතන 1,000 කට අධික සංඛ්‍යාවක් අභිබවා තරඟ කිරීමට ආයෝජන මණ්ඩලයට පසුබිම සකසා ගැනීමට අභ්‍යන්තරව බොහෝ වෙනස්කම් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලයේ නායකත්වය හඳුනා ගත්හ. 

 

තවද, මෙම කර්තව්‍යය හුදෙකලාව සාක්ෂාත් කරගත නොහැකි බවත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් හරහා සහයෝගී උත්සාහයන් අත්‍යවශ්‍ය බවත්, නව නිපුණතා එකතුවක් මෙන්ම විශේෂඥ වෘත්තීය සේවා හරහා රටේ නව සංවර්ධන දිශානතිය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සංචිත වෙත නව ප්‍රවේශයන් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් අවබෝධ කරගෙන තිබිණ.

 

අවාසනාවකට මෙන්, මෙම අවශ්‍ය පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් දැරු උත්සාහය, ආයෝජන මණ්ඩලය තුළ සහ ඉන් පිටත, තම ආත්ම අභිලාෂය ගැන පමණක් සලකා ක්‍රියා කරන කණ්ඩායම් වල දැඩි සහ අඛණ්ඩව ප්‍රතිරෝධය ලක් වුනි. 

 

රටට අවශ්‍ය පරිමාණයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, ජාත්‍යන්තර වේදිකාවේ තරඟ කිරීමට අවශ්‍ය සාධකද, එහි යථාර්ථයන් ද අවබෝධ කර ගැනීමට එම කන්ඩායම් අසමත් අතර, ඊට අවශ්‍ය ක්‍රියාවලි ද ප්‍රතික්ෂේප කළහ.

 

වර්තමාන නායකත්වයට පෙර, 2017 සහ 2019 අතර කාල වකවානු තුලදී, සිදුවූ සහ, මණ්ඩලයට පරිබාහිරව ගැනුණු තීන්දු තීරණ අදාළ කරගනිමින්, ආයෝජන මණ්ඩලය පිළිබඳව ප්‍රචාරය වූ බොහෝ වැරදි මතයන් ආයෝජන මණ්ඩලයේ කීර්ති නාමයට මෙන්ම එහි වර්තමාන නායකත්වයේ කීර්ති නාමයට ද, පිළිසකර කළ නොහැකි හානියක් සිදුවී ඇත.

 

මෙම අවාසනාවන්ත සිදුවීම් හේතු කොටගෙන, ආයෝජන මණ්ඩලයේ නායකත්වය ඔවුන් විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෙදුනේ නම්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට රුකුලක් වන බව ඔවුන්ගේ දැඩි විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ සහ එහි සියලුම පුරවැසියන්ගේ යහපත සඳහා සියලු පාර්ශ්වකරුවන් සාමූහිකව කටයුතු කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

views

637 Views

Comments

arrow-up