විනෝදයට Tiktok කර චිත්‍රපට ප්‍රධාන නිළියක් වූ ෂෙරින් විල්ස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

විනෝදයට Tiktok කර චිත්‍රපට ප්‍රධාන නිළියක් වූ ෂෙරින් විල්ස්

විනෝදයට Tiktok කර චිත්‍රපට ප්‍රධාන නිළියක් වූ  ෂෙරින් විල්ස්

මේ දිනවල තිරගත වන “යාළුවෝ ද යාළුයි ද සිනමා සිත්තමේ ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වන නවක නිළියක් වන ෂෙරින් විල්ස් විනෝදයට කළ Tiktok වීඩියෝවකින් තමන් කුඩා කළ සිට බලාපොරොත්තුවෙන් සිටි සිහිනයක් සැබෑ වූ බව පවසා තිබේ.

 

Tiktok වීඩියෝවෙන් රිදී තිරයේ නතර වුණු ෂෙරින් මෙසේ පවසයි.

“ මගේ ගම නුවර. මගේ පවුලේ මමයි , අම්මයි , තාත්තයි, අයියයි ඉන්නවා.   මට වසය අවුරුදු 23යි.  නුවර ජාත්‍යන්තර පාසලකින් මම අධ්‍යාපනය හැදෑරුවා.  මගේ අම්මා ගෘහණියක් වගේම තාත්තා ඩුබායි හි රැකියාව කළේ.  පාසලෙන් ඉවත් වුණාට පසු මම මොඩලින් කරන්න පටන් ගත්තා.  මම නිදහස් නිරූපණ ශිල්පිණියක් වශයෙන් වැඩ කළේ.  පසුව වෙළෙඳ දැන්වීම් වලට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා.  වැඩිම ආරාධනා ප්‍රමාණයක් මට ආවේ ඉන්ස්ටර්ග්‍රෑම් හරහායි.

 

මම ගෙදරට වෙලා ඉන්නකොට Tiktok කරලා Social Media Upload කරනවා.  යාළුවෝද යාළුයිද චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණු දිල්හාර මහතාගේ බිරිඳ තමයි මුලින්ම මාව දැකලා තිබුණේ.   පසුව ඇය මට ස්ටෙෆනිගේ චරිතය සඳහා ආරාධනා කළා.  ඒ දවස් වල කොවිඩ් තත්ත්වය නිසා මූලික තෝරාගැනීම් සඳහා කොළඹට ඒමට නොහැකි නිසා zoom තාක්ෂණය ඔස්සේ ඔවුන් සියළු දේවල් මම සමඟ කතා කළා.   මම දැනගෙන සිටියේ නැහැ මේ ආරාධනාව ප්‍රධාන චරිතයකට කියලා.

 

ලංකාවේ පළමුවැනි Fashion Film එකේ ප්‍රධාන චරිතයක් කිව්වහම මට අදහගන්න බැරි වුණා.   මට රංගනය පිළිබඳ අත්දැකීම් නැති නිසා මම ජීවිතේට හිතුවේ නෑ රිදී තිරයේ රඟපාන්න පුළුවන් වේවි කියලා.  පාසල් කාලයේවත් මම රඟපාලා නැහැ.  වෙළෙඳ දැන්වීම් වල රඟපාලා තිබුණට දෙබස් වැඩිය කියන්න නැති නිසා  ඒ චරිතය මට ලොකු අභියෝගයක් වුණා.  ඇත්තටම කැමරාව දැක්ක ගමන් වගේම එතැන ගොඩක් දෙනෙක් හිටිය නිසා පොඩි බයක් වගේම ලැජ්ජාවකුත් දැණුනා.

 

මම හිතුවෙවත් නැති විදියට Tiktok එකකින් මාව Movie එකකට තෝරගන්නවා.  මම තවම Tiktok කරනවා.  සමහර මිනිස්සු Tiktok කරන අයව පහතට දාලා කතා කරනවා මම අහලා තියෙනවා.  මාව වුනත් Tiktok කරනකොට පල්ලෙහාට දාපු පිරිසක් හිටියා.  එයාලට දැන් හිතෙනවා ඇති මම Tiktok කරපු නිසානේ මට මෙහෙම චරිතයක් ලැබුණේ කියලා.   මම හිතනවා මිනිස්සු දැන්වත් Tiktok ගැන කන්ඩෙම් කරන එකක් නැති වෙයි කියලා ”

views

387 Views

Comments

arrow-up