ආයුබෝ ආදරණීය සති අන්තයේ ධනාත්මක සිතුවිල්ල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ආයුබෝ ආදරණීය සති අන්තයේ ධනාත්මක සිතුවිල්ල

ආයුබෝ ආදරණීය සති අන්තයේ ධනාත්මක සිතුවිල්ල

සෑම කෙනෙකුටම වෙනස් ඔරලෝසුවක් තිබේ. ඔබේ කාලය එනතෙක් ඉවසා සිටින්න.

-ජුලිසා ලොයිසා-

 

මම දන්නවා අවුරුදු 21 දී උපාධිය ලබාගත් අය, නමුත් ඔවුන්ට වයස අවුරුදු 27 වන තුරු රුකියාවක් ලැබුනේ නෑ.

 

මම දන්නවා අවුරුදු 25 දී උපාධිය ලබාගත් අය, රැකියාවත් ඒ සමඟම ලබාගන්නවා, ආයාසයකින් තොරව.

 

මම දන්නවා විශ්ව විද්‍යාලයකට නොගිය සමහරුන් තමන් සිහින මැවූ රැකියාවඅවුරුදු 18 දී ලබාගන්නවා.

 

මම දන්නවා සමහරුන් පාසලෙන් අයින් උන ගමන්ම හොද රැකියාවක් කරනවා. හොදට හම්බ කරනවා, නමුත් රැකියාව කරන්නේ සතුටකින් නෙමෙයි.

 

මම දන්න සමහරුන් ඉන්නවා, වසර ගණනාවකට පසුව ඔවුන් ඔවුන්ගේ අරමුණට සාර්ථකව ළඟාවෙනවා.

 

තව සමහරුන් ඉන්නවා අවුරුදු 16 දී මොකක්ද කරන්නේ කියලා පැහැදිළි අරමුණක් තියාගෙන ඉදලා, නමුත් එය අවුරුදු 26 දී වෙනස් කරනවා.

 

මම දන්න සමහරුන් ඉන්නවා ඔවුන්ට දරුවන් ඉන්නවා. නමුත් ඔවුන් තනිකඩයි. (දික්කසාද වෙලා)

 

තවත් සමහරු ඉන්නවා කසාද බැන්දත්, දරුවන් නැතිව අවුරුදු 8 ක්, 10 ක් බලන් ඉන්නවා දරුවන් ලැබෙනකම්.

 

තවත් සමහරුන් ආදර සම්බන්ධතා තියාගෙන වෙනත් කෙනෙකුට ආදරය කරනවා.

 

සමහර ආදරවන්තයන් ආදරෙන් හිටියට ඒ ගොල්ලෝ වෙන් වෙනවා සදාකාලිකවම.

 

ඉතින් මගේ අදහස නම් අපේ ජිවිතයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්න වෙලාවක් තියෙනවා කියන එකයි. ඒ වෙලාව එනකම් අපි ඉවසන්න ඕන.

 

ඔබ දකිනවා ඇති, ජිවිතයේ සමහර යාලුවෝ ඔබට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා, තවත් සමහරුන් ඔබට වඩා ගොඩාක් පිටුපසින්.

 

අපේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒවාට අයිති වෙලාවට, එහෙම නැතිනම් ඒවා වෙන්න ඕනී කාලයටමයි.

එය ඔබටත් එසේමයි. ඉතින් ඉවසන්න.

 

අවුරුදු 25 දී මාර්ක් කියුබන් බාර් එකක සේවකයෙක්. ඒත් පසුව ඔහු ඩොලර් බිලියන 4.5 ක වත්කමක් හිමි කෝටිපතියෙක් වුණා.

 

පොත් ප්‍රකාශකයන් 12 දෙනෙක් ඉවත දැමූ ජේ. කේ. රෝලීන් ගේ හැරී පෝටර් පොත ජනප්‍රිය වෙනකොට ඇයට වයස අවුරුදු 32 ක්.

 

ඔටෙිගා ZARA කියන සන්නාමය ආරම්භ කරනකොට වයස 39 (ඔටෙිගා/ ස්පාඤ්ඤ ව්‍යාපාරිකයෙක් - වත්කම $ බිලියන ගාණනක්)

 

ජැක් මා අලිබාබා හැදුවෙි ඔහුට අවුරුදු 35 දී.

 

මෝගන් ෆීමන් ජනප්‍රිය නළුවෙක් උනේ ඔහුට අවුරුදු 52 දී.

 

ස්ටීව් ජනප්‍රිය නළුවෙක් උනේ ඔහුට අවුරුදු 40 දී.

 

රිචඩ් බැන්සන් වර්ජින් සමාගම ආරම්භ කලේ ඔහුට වයස අවුරුදු 34 දී.

 

අවුරුදු 24 දී ඔබ ලබාගත් උපාධිය ඔබගේ එක ජයග්‍රහණයක්, ඔබගේ ජිවිතයේ එක් සංධිස්ථානයක්.

 

අවුරුදු 30 දීත් ඔබ තනිකඩ නම් සතුටු වෙන්න. එය විඳින්න. විඳවන්න එපා. අවුරුදු 35 පැනලත් පවුල් ජිවිතයක් ආරම්භ කළ හැකියි.

 

අවුරුදු 40 න් පසුව උනත් තමන්ට කියලා ගෙයක් හදාගන්න, මිලදී ගන්න. එය අති විශිෂ්ඨයි.

 

වෙන කෙනෙකුගේ කාල නියමන් සමඟ ඔබව සැසඳීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.

අයින්ස්ටයින් කියනවා," ගණන් කරන සෑම දෙයක්ම ගණන් කළ නොහැකි අතර, ගණන් කල සියල්ල සැබැවින්ම ගණන් ගන්න බෑ."

 

මිල මුදල්, වත්කම් ගණන් කලහැකි මුත් ආදරය, සැනසීමට වටිනාකමක් නියම කළ නොහැකියි.

ඉතින්, මේක තමයි ඉතා වැදගත්ම දේ.

 

මම හිතනවා ඔබ, ඔබ වෙනුවෙන් අර්ථවත්, අරමුණක් සහිත, තෘප්තිමත් ජිවිතයක් නිර්මාණය කිරීමට ඔබට හැකිවෙයි කියලා.

 

ඒවගේම අනිත් අයගේ ජිවිත වර්ණවත් කරන්නත් ඔබට හැකිවෙයි කියලා.

 

views

553 Views

Comments

arrow-up