උපන් දේශය අහිමි වූ ජිහාඩ් මනාලිය " ෂමීමා බෙගම් "

ජිහාඩ් මනාලිය ලෙස අන්තර්ජාලය පුරා නම්ලත් ෂමීමා බෙගම් සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුව පසුගිය දිනෙක ප්‍රකාශයට පත්විය.
ඇගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමට මෙම තීන්දුව මගින් අධිකරණය නියෝග කොට තිබේ.
ෂමීමා බෙගම් යනු 2015 පෙබරවාරි මස ISIS කණ්ඩායමකට සහය දැක්වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් සිරියාවට පලා ගිය නැගෙනහිර ලන්ඩනයේ පාසල් සිසුවියන් තිදෙනාගෙන් කෙනෙකි.
එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය මෙසේ පලා යන විට 15 වන වියේ පසුවිය. 2019 වර්ෂයේ ජාතික ආරක්ෂක හේතූන් මත ඇයගේ පුරවැසිභාවය ඉවත් කර ඇති අතර මාස නවයක ගැබිණියක්ව සිටියදී සිරියානු සරණාගත කඳවුරකදී ඇයව නැවත සොයාගෙන තිබේ. මෙසේ ඇගේ පුරවැසිභාවය අහෝසි කර ඇත්තේ එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ස්වදේශ ලේකම් සජිඩ් ජාවිඩ් විසිනි.
23 හැවිරිදී ෂමීමා බෙගම්ගේ නීතීඥයන් විශේෂ ආගමන අභියාචනා කොමිසමේදී (SIAC ) ඇයගේ පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධ සිද්ධිය නීතිමය රාමුවකින් අභියෝගයට ලක්කිරීමට යොමු වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ෂමීමා බෙගම් සිරියාවේදී ජාවාරම් කරුවන්ට සහ ලිංගික සුරාකෑමට ගොදුරු වූ බවට නිසැක වූ නඩුවක් පැවතුනත් අභියාචනාධිකරණය විසින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අභියාචනය සාර්ථක වීමට තරම් එය ප්‍රමාණවත් නොවන බව පවසමිනි.
මෙම තීන්දුවෙන් අදහස් වන්නේ ඇයට එක්සත් රාජධානියට ඇතුළු වීමට කිසිසේත්ම අවසර නොමැති බවයි.
333 Views
Comments