යෝග ව්‍යායාම අරඹන ඔබට උපදෙස් - 01 පාඩම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

යෝග ව්‍යායාම අරඹන ඔබට උපදෙස් - 01 පාඩම

යෝග ව්‍යායාම අරඹන ඔබට උපදෙස්  -  01 පාඩම

බොහෝ දෙනෙකු යෝග යනු හුදෙක් ව්‍යායාමයක් පමණක් යැයි කල්පනා කරන නමුත් යෝග යනු සැබැවින්ම ශාරීරික ව්‍යායාමවලට පමණක් සීමා නොවේ. යෝග ව්‍යායාම යනු සිරුරට දැඩි වෙහෙසක් දෙමින් හති දමමින් සිදු කෙරෙන ව්‍යායාමයක් ද නොවේ. යෝග අභ්‍යාසයන්හිදී ශාරීරික වශයෙන් පුද්ගලයා එක් එක් ඉරියව්වලට පුහුණු කිරීමත්, මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීමත්, හුස්ම ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධව හා ශාරීරික මානසික සැහැල්ලු බව ඇති කිරීමත් යන කාරණා කීපයක්ම ප්‍රගුණ කළ යුතු වේ. 


ශාරීරික මානසික සුවතාවය ආරක්ෂා කර ගැනීම පමණක් නොව යෝග අභ්‍යාස මගින් ලැබිය හැකි ප්‍රතිඵල අතිමහත්ය. 


වත්මන් සමාජය තුළ බහුලව දක්නට ඇති මධුමේහය (දියවැඩියාව), අධික රුධිර පීඩනය, හෘද රෝග, සන්ධි රෝග යනාදී මනෝ කායික සම්බන්ධයක් ඇති රෝග බොහොමයකට මෙය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද භාවිතා කළ හැකිය.

 

කාන්තාවන් තම දේහය සුරූපීව තබා ගැනීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. අධික කෙට්ටුවීම ද, අධික තරබාරුව ද ඇයට වදයකි. සම රැළි ගැසීම. අකලට කෙස් පැසීම වැනි තත්ත්වයන්ගෙන් පෙළීම ද තවත් ප්‍රශ්නයකි. මෙකී තත්ත්වයන්ගෙන් පීඩා විඳින ඕනෑම කාන්තාවක් යෝග ක්‍රම ප්‍රගුණ කරන්නේ නම් මෙම ආපදා සියල්ලෙන්ම වැළකී සිටීමට හැකිවනු ඇත.


එහෙත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනුයේ, යෝග ආරම්භ කළ දා සිට ක්‍රමානුකූලව අධිෂ්ඨානශීලීව මෙය කරගෙන ගියහොත් පමණි. 


තවද පොත පත පරිහරණයෙන් පමණක් යෝග ක්‍රම හැදෑරීම සාර්ථක පියවරක් නොවේ. 


මේ සඳහා පිළිගත් පුහුණු උපදේශකවරයෙකුගේ සහාය පැතීම වැදගත් වේ.


යෝග ව්‍යායාමවලට යොමු වීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් පිලිබද අපි ඊලග ලිපියෙන් සාකච්ඡා කරමු.

 

මූලාශ්‍රය - සිත කය සනහන යෝග
ආර්. එස්. ජයවර්ධන

views

398 Views

Comments

arrow-up