කේක් ඉතිහාසයෙන් බිඳක් 
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

කේක් ඉතිහාසයෙන් බිඳක් 

කේක් ඉතිහාසයෙන් බිඳක් 

කේක් සම්බන්ධයෙන් කතා කරන විට මේ හා සම්බන්ධ වූ දිගු ඉතිහාසයක් ඇත. අප දැන් ආහාරයට ගන්නා කේක් වලට වඩා මෙම මුල් කේක් රසයෙන් සහ අමුද්‍රවය වලින්ද බෙහෙවින් වෙනස් විය. මේවා වැඩි වශයෙන් පාන් වැනි වූ අතර මී පැණි, වියළි පළතුරු සහ විවිධ වූ ඇට වර්ග යොදා ගනිමින් සකසා ගන්නා ලදී. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට උසස් වූ ක්‍රම යොදාගනිමින් පිළිස්සීම් කටයුතු කල පළමු සංස්කෘතිය ඊජීප්තුවරුන් වේ.

 

 
මෙම කේක් යන ඉංග්‍රීසි වචනය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ
13 වන සියවස දක්වා දිව යයි. එය පැරණි වචනයක් වන " කකා "යන්නෙහි ව්‍යුත්පන්නයකි. 

 

ඉතිහාසඥයින්ට අනුව මෙම නවීන කේක් එනම් අයිසින් සහිත කේක් පළමු වරට සොයාගෙන ඇත්තේ 17 වන සියවස මැද භාගයේ යුරෝපයේදීය. 

 

සියවස් ගණනාවක් ගෙවී යනවාත් සමග නවීන තාක්ෂණික ක්‍රම සොයාගැනීමෙන් පසු අතීතයේ බේකරිවරුන් සෑදු ඉඟුරු පාන්, පළතුරු කේක් වැනි දෑ වටකුරු අයිසින් සහිත කේක් බවට පරිවර්තනය විය.මේවා නවීන වූ පිළිස්සුම් ක්‍රම, උදුන් සහ විවිධ අච්චු වර්ග සහ පිරිපහදු කල සිනී යොදාගනිමින් නිශ්පාදනය විය. 

 

මෙසේ වැඩි දියුණු වුන කේක් කලාව තුළ අතීතයේ පටන් පැරණි වට්ටෝරු රාශියක් දැකගත හැක. 

 

වර්තමානයේ කේක් සෑදීම කලාවක් බවට පත් වී ඇති අතර කේක් විවිධ උත්සව අවස්ථා වලදී අපට නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත. විවිධ වර්ණයන්ගෙන් මෙන්ම හැඩයන්ගෙන් සමන්විත කේක් වර්ග ගණනාවක් මුළු ලෝකය පුරාම අද වන විට අපට දැකගත හැකිය.

 

තවත් කේක් සම්බන්ධ ලිපියකින් ඉක්මනින් මුණගැසෙමු.

 

කේක් නිර්මාණ ශිල්පිනී 
සවිනි පෙරේරා 

views

627 Views

Comments

arrow-up