මවක් වෙන්න සිහින මවන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක්

ලෝකයේ ඇරඹුම කවදා කොතැනින් සිදුවූයේදැයි විද්‍යාඥයින්හට තවමත් සොයාගත නොහැකි අභිරහසක් වුවත් ලෝකයේ ව්‍යුහය පවත්වාගෙන යන්නට මව් සෙනෙහස තරම් සාධකයක් ලෝකයේ තවත් නැහැ.
අලුතෙන් විවාහ පත්වන තරුණ යුවළකගේ ලොකුම සිහිනය වන්නේ දරු සෙනෙහස ලැබීමයි. ඒ නිසා ආයුබෝ අපි තීරණය කළා ඔබ වෙනුවෙන්ම මාතෘත්වය, පීතෘත්වය සහ දරු සෙනෙහස ගැන සාකච්ඡා කරමින් යහපත් මවක් වන්නේ කෙසේද? මවක් හෝ පියෙක් විදිහට දරුවා හොදින් රැකබලා ගන්නේ කෙසේද? උතුම් වූ මව් පදවිය පිය පදවිය ගැන බලාපොරොත්තු ඇති කර ගත් දා පටන් ඒ සඳහා ඔබ අනුගමනය කළ යුත්තේ මොනවාද යන ඒ සෑම දෙයක් පිළිබඳවම ලිපි මාලාවක් හරහා කතා කරන්නට.
එසේ නම් අද අප සූදානම් වන්නේ, මවක් වීමට පෙර ඔබේ සූදානම පිළිබඳව ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් කෙටියෙන් සාකච්ඡා කිරීමටයි.
මෙය ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය.
1. වයස
2. ශරීර සෞඛ්‍ය
3. පෝෂණය
4. සිතුවිලි
01. වයස
මුලින්ම බලමු මවක් වීමට සුදුසු වයස කුමක්ද කියලා.
මවක් වීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, ඔබේ වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි. අවුරුදු 18කට පෙර මවක් වීම සුදුසු නැහැ. ඊට හේතුව ගැහැණු ළමයෙකු අවුරුදු 18 වනතුරු ශාරීරිකව හා මානසිකව වර්ධනය වීම සිදු වන නිසා. ඒ නිසා සම්පූර්ණයෙන්ම ශාරීරිකව හා මානසිකව වැඩෙන්නට පෙර ගැබිනියක් වීමට සුදුසු නැහැ. මොකද වයස 18ට අඩුවෙන් ගර්භනී වීමේදී විවිධ සංකූලතාවයන්ට ලක්වීමට ඇති අවදානම වැඩි නිසා.
ඒ වගේම අවුරුදු 35ට වඩා මවගේ වයස වැඩි වූවිට මව විවිධ රෝගයන්ට ගොදුරුවීමේ අවදාමක් ද පවතිනවා.
ගර්භනී සමයේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතාවයන් හටගන්නට වැඩි අවදානමක් තිබෙන බව ද ඔබ මතක තබා ගත යුතුයි.
දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමටද මවගේ වයස වැඩිවීම බලපාන්නට පුළුවන්. ඒ නිසා කාන්තාවන් වන ඔබ නිසි වයසේදී විවාහ වී මවක් වීම ඉතාම වැදගත්.
02. ශරීර සෞඛ්‍ය
මවට යම්කිසි රෝගී තත්ත්වයක් ඇතිනම් එය බිහිවන දරුවාටද බලපාන්න පුළුවන්. ඒ වගේම ගර්භනී සමයේ යම් රෝගී තත්ත්වයක් නිසා මවට විවිධ සංකූලතා හටගන්න ඉඩ තිබෙනවා.
ඒ නිසා මවට දියවැඩියාව, අධික රුධිර පීඩනය, අපස්මාරය, හෘදයාබාධ , හෝමෝන අසමතුලිතතාවයන් ඇතිනම් ඒවා මනාව පාලනය කරගැනීම ඉතාමත් වැදගත්.
විශේෂයෙන්ම ඔබ දරුවකු බලාපොරොත්තුවෙන් පසුවනවා නම් ඒ බව ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාට දැනුම් දී වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය ලෙස ඖෂධ ලබාගැනීම සිදු කළ යුතු වනවා.
ඒ වගේම ඔබේ උසට සරිලන බරක් තිබීමත් ඉතා වැදගත්.
මවගේ බර අඩුනම් එය දරුවාගේ වර්ධනයට බලපෑම් ඇතිවෙන්න පුළුවනි. ඒ වගේම බර අඩු කාන්තාවන් හට ගැබ්ගැනීම ප්‍රමාද වෙන්නත් පුළුවන්.
ඒ නිසා ගැබ්ගැනීමට සූදානම් වන ඔබේ BMI අගය 18.5 ( දහ අටයි දශම පහ) ට වඩා වැඩියෙන් තබාගැනීම වැදගත්.
BMI අගය 25 ට වඩා වැඩිනම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භනී සමයේ මෙන්ම ප්‍රසූතියේදී සංකූලතාවයන් හටගන්නට පුළුවන්.
බර වැඩි කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස නොවන නිසා ඔබට දරුවන් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා BMI අගය 25ට වැඩිනම් ව්‍යායාම මගින් හා ආහාර පාලනය මගින් බර අඩුකරගැනීම වැදගත් බව මතක තබා ගන්න.
මවක් වීමට සිහින දිකින කාන්තා ඔබේ අවදානය යොමු කල යුතු කරුණුවලින් දෙකක් පිළිබදව අද අප මෙම ලිපියෙන් ඔබත් සමග කතාබහ කලා.
ඉතිරි කරුණු ඇතුළුව විශේෂ කරුණු කාරණා කිහිපයක් අපි ඉදිරියේදී ඔබත් සමග කතා කරන්නට බලාපොරොත්තු වනවා.
442 Views
Comments